– ජාවාරම්කරු ඩුබායි
දම්පත් රණසිංහ
හක්මණදී ඊයේ (10) අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 68කට අධික මිලකින් යුත් මත්කුඩු තොගයට අදාළ ගනුදෙනුවට තමාව සම්බන්ධ කරන ලද්දේ ෆේස්බුක් මගින් දැන හඳුනාගත් ඔහු සමග අත්අඩංගුවට ගත් කාන්තාව බව සැකකරු පොලීසිය හමුවේ පවසා ඇත.
මත්කුඩු තොගය සමග අත්අඩංගුවට ගත් පුද්ගලයා මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව මහනුවර පදිංචිකාරියකි.
සැකකරු පුදගලයන් රට යැවීමේ ව්‍යාපාරයක් කරගෙන ගොස් ඇත.
කලක සිට මොවුන් දෙදෙනා ෆේස්බුක් ඔස්සේ දැන හඳුනාගෙන තිබේ.
තම ව්‍යාපාරය කඩාවැටීම නිසා ඇය “බඩු වගයක් තියෙනවා ට්‍රාන්ස්පෝට් කළොත් ගානක් අතට එනවා” යැයි පවසමින් මෙම ගනුදෙනුව පිළිබඳ ඔහු සමග එකඟතාවට පැමිණ ඇත.
ඒ අනුව හොන්ඩා vitz වර්ගයේ මෝටර් රථයකින් මොවුන් හක්මණ වෙත පැමිණ වැවක් අසල සිටියදී එම මත්කුඩු සමග ත්‍රිරෝද රථයකින් පැමිණ ට්‍රැවලින් බෑග් මෝටර් රථයට දමා තිබේ.
කොළඹට එම තොගය ගෙනයන ලෙසත් ඒවා බාර දිය යුතු ස්ථානය අතරමඟදී දැනගන්නට ලැබෙන බවත් සැකකරු පොලීසියට පවසා ඇත.
ඒ අනුව ඒවා ගෙනඑමින් සිටියදී පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
මත්කුඩු තොගයේ කිලෝ 68ක් තිබී ඇත. මත්කුඩු තොගය ඩුබායි සිට මෙහෙයවන ජාවාරම්කරුවකුගේ බවට අනාවරණය කරගෙන ඇත.
එමෙන්ම මෙම මත්කුඩු තොගය පසුගියදා යුද හමුදාවෙන් බ්‍රිගේඩියර්වරයකු වෙත ලබාදී තිබූ වෑන් රථයකි තිබී හමුවූ මත්කුඩු තොගයේ කොටසක් බවට ද සොයාගෙන ඇත. එම මත්කුඩු තොගය අත්අඩංගුවට ගෙන තිබුණේ යුද හමුදා සෙබළකු හා හිටපු සෙබළකු ද සමගිනි.