රුපියල් කෝටි 60කට අධික මිලකින් යුත් මත්කුඩු සමග යුවළක් හක්මණදී අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රදේශ දෙකක පදිංචිකරුවන් බව කියන මෙම පිරිමි පුද්ගලයා සහ කාන්තාව මෝටර් රථයකින් මේවා ගෙනයමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
එහි මත්කුඩු කිලෝ 60කට අධික ප්‍රමාණයක් තිබී ඇත.
මෙම මත්කුඩු තොගය, පසුගිය දා බ්‍රිගේඩියර්වරයකු වෙත නිදහස් කර තිබූ හමුදාවේ වෑන් රථයකින් සෙබළෙකු සහ තවත් අයකු ගෙනයමින් තිබියදී හසුවූ මත්කුඩු තොගයේ ඉතිරි කොටස බව වාර්තා වේ.