හපුතලේට කඩා වැටුනු යානය ගුවන් හමුදාවේ Y12 යානයක් – සිව්දෙනෙකු මිය යයි – (photos)

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අද උදෑසන හපුතලේ තම්බපිල්ලෙයි මාවත ප්‍රදේශයට කඩා වැටුනු ගුවන් යානය කඩා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට Y12  යානයක් බව්  හෙළිව තිබේ.

මෙම යානයේ භූමියේ තොරතුරු රැස් කිරිමට යොදාගත් යානයක් වන අතර යානයේ සිට ඇත්තේ නියමුවන් දෙදෙනා සහි ගුවන් හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකි.

ගුවන් අනතුරින් බලඝන නායක ඩබ්.ඒ.එම්.බී.එන්.බී වීබැද්ද, ගුවන් ලුතිනන් කේ.එම්.ඩී.එල්.කුලතුංග සහ සහය නිලධාරීන් වන සැරයන් ඩී.ඩබ්.ආර්.ඩබ්.කුමාර හා එල්.ඒ.සී.හෙට්ටිආරච්චි යන අය ජීවිතක්ෂයට පත්ව ඇත.

පසුගිය වසර එකහමාරක කාලය තුල මෙම යානය ලබා දුන් තොරතුරු ඔස්සේ ගංජා හේන් ඇතුළු නීතිවිරෝධී කටයුතු රාශියක් වලක්වා තිබේ .

තොරතුරු රැස් කරමින් මෙම යානය ඉතා සුවිශේෂි මෙහෙයක් කර තිබේ.

එම යානය වීරවිල ගුවන් හමුදා කඳවුරේ සිට ගුවන්ගත වූ යානයක් බව වැඩි දුරටත් වාර්තා වේ.

යානයේ සිටි සිව්දෙනාම මියගොස් තිබේ