හම්බන්තොට වරාය සංවර්ධනයට චීන සමාගම් 2ක් එක්වෙයි

Picture of අසංක

අසංක

හම්බන්තොට වරාය සංවර්ධනය සඳහා චීනයේ ප්‍රධානතම වරාය මෙහෙයුම් සමාගම් දෙකක් වන ෆුජියාන් ප්‍රොවින්ස් කොමියුනිකේෂන් ට්‍රාන්ස්පොටේෂන් ව්‍යාපාර සමූහය සහ ෆූජියාන් ට්‍රාන්ස්පෝර්ට් මැරිටයිම් සිල්ක් රෝඩ් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් මැනේජ්මන්ට් සමාගම එක්වී තිබේ.

ඊට අදාළ කොටස් හුවමාරු ගිවිසුමට හම්බන්තොට ජාත්‍යන්තර වරාය ව්‍යාපාර සමූහයේ 85% ක කොටස් හිමි චයිනා මර්චන්ට් පෝර්ට් සමාගම පසුගියදා අත්සන් කර ඇත.

මෙම කොටස් හුවමාරු ගනුදෙනුවේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 268ක් වන අතර එය දළ වශයෙන් රුපියල් බිලියන 51 කි.

සුප්‍රකට ෆුජියාන් ප්‍රාන්ත ව්‍යාපාර සමූහය දැනටමත් ලොවපුරා වරාය ගණනාවක බහලුම් මෙහෙයුම්, තෙල් ගබඩා කිරීම්, භාණ්ඩ ප්‍රවාහනය සහ ඇසුරුම් කිරීම ඇතුළු ව්‍යාපාරික කටයුතුවල නිරත දැවැන්ත සමාගමකි.

චයිනා මර්චන්ජ් පොර්ට් සමාගම හම්බන්තොට ජාත්‍යන්තර වරාය ව්‍යාපාර සමූහයේ ආයෝජනය කළ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 974කි.