නවතම පුවත්

හම්බන්තොට සිට යාපනයේ දක්වා වූ සංවේදී පරිසර පද්ධතිය ආරක්ෂා කරගැනීමේ වැඩපිළිවෙළක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදේ දී ගිනි ගැනීමකට ලක්වූ MT New Diamond නෞකාව මේ වන විට සංගමන් කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 25ක් දුරින් පිහිටා තිබෙන බව සමුද්‍රීය ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර සඳහන් කර සිටිනවා.

යම් හෙයකින් මෙම නෞකාවේ ගබඩා කොට තිබෙන බොරතෙල් මුහුදට කාන්දු වුවහොත් හෝ එය පුපුරා ගියහොත් ඇතිවිය හැකි ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතියට දැඩි හානි සිදුවිය හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ඉන්දීය වෙරළ ආරක්ෂක බළකාය  විසින් ට්විටර් සටහනක් තබමින් සිය නෞකා තුනක් හා ගුවන් යානා දෙකක් MT New Diamond නෞකාවේ ගින්න මැඩපැවැත්වීම සඳහා එම ස්ථානය අසලට පැමිණ සිය දායකත්වය ලබාදෙමින් පවතින බවයි. ආපදාවට ලක්වූ නෞකාවේ සේවකයින් නවාතැන් ගන්නා ස්ථානයේ හටගෙන තිබු ගින්න මැඩපැවැත්වීමට හැකිවූ බවත් නෞකාවේ මිටර් දෙකක පමණ පැල්මක් දකින්නට ලැබෙන බවයි ඉන්දීය වෙරළ ආරක්ෂක බළකාය සඳහන් කළේ.

මේ අතර අද අළුයම් කාලයේදී මෙම නෞකාවේ පිපිරිම් දෙකක් සිදුවූ බවත් නෞකාව ධාවනයට යොදා ගන්නා ඩිසල් ගබඩා කොට ඇති ටැංකි පද්ධතියට ගින්න ව්‍යාප්ත වුවහොත් ඉන් දැඩි බලපෑමක් ඇතිවිය හැකි බව සමුද්‍රීය ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේ. 

මේ අතර නෞකාවෙන් ඉන්ධන කාන්දුවක් සිදු වුවහොත් හම්බන්තොට සිට යාපනය දක්වා වු සංවේදී පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පියවර අතර ඉන්ධන උරා ගත හැකි Oil Boom යෙදීම, ඉන්ධන කාන්දුවක් සිදුවුහොත් එය තනි රටකට පාලනය කිරීම අපහසු නිසා දකුණු ආසියානු කලාපයේ සියලුම රටවල සහාය ලබා ගැනීම සඳහා මුලික පියවර ගැනීම, මෙන්ම මෙම ඉන්ධන නෞකාව අයත් සමාගම සම්බන්ධව නීතිමය පියවර ගැනීම ආදි සියලුම කටයුතු පරිසරඅමාත්‍යාංශයේ උපදෙස් පරිදි මධ්‍යම පරිසර අධිකාරිය හා මෙම කාරණයට සම්බන්ධ සියලුම ආයතනවල මැදිහත්වීම මත ගෙන ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර අවධාරණය කර සිටිනවා.

දැනට තිබෙන තොරතුරු අනුව මෙම නැවේ ඇති ඉන්ධන ඉවත් කිරීම සඳහා අමතර නැවක් දැනටමත් එම ස්ථානයට පිටත් කර තිබෙන බවයි පරිසර අමාත්‍යාංශය නිවේදනය කර සිටියේ.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!