හමුදා නිලධාරීන් 3කට පළමු කොවිඩ් එන්නත – රෝහල් 6කදී එන්නත්කරණය ඇරඹේ

Picture of අසංක

අසංක

කොවිඩ් මර්දනය සඳහා වෛරසය ආසාදිත හමුදා සාමාජිකයන් තිදෙනෙකුට පළමුව එන්නත ලබාදෙමින් මෙරට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත්කරණ වැඩසටහන අද (29) නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී ආරම්භ විය.

ජාතික බෝවන රෝග විද්‍යායතනයේදී එන්නත්කරණ වැඩසටහනේ සමාරම්භක අවස්ථාව පැවැත්වුණේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාගේ ද සහභාගීත්වයෙනි.

බස්නාහිර පළාතේ රෝහල් 6 කදී ස්ථාන 6කදී එන්නත්කරණ කටයුතු අද ආරම්භ විය.