හමුදා බලය අයුතු ලෙස යොදා ගැනීමේ කිසිදු සූදානමක් නැහැ!

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සාමකාමී විරෝධතාකරුවන් වෙත හමුදා බලය අයුතු ලෙස යොදා ගැනීමේ කිසිදු සූදානමක් නැතැයි ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. සාමකාමී ලෙස විරෝධතාවේ යෙදෙන අය අතරට බුද්ධි අංශ සාමාජිකයින් යවා ඔවුන් මගින් යම් කලකෝලහල තත්ත්වයක් ඇතිකර හෝ බෝම්බ පිපිරීමක් වැනි දෙයක් සිදුකිරීමට ත්‍රිවිධ හමුදාව යොදාගැනීමට යන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන තොරතුරු සම්බන්ධව අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කර ඇත.