දෙහිවල ප්‍රෙද්ශයේ සිට මාළිගාවත්තට පැමිණ හාජ්ජියාර්වරයෙක් නොම්බි උපවාසයේ නිරතව සිටින ජනතාවට අද 21 මුදල් බෙදා දෙන විට ජනතාව අතර ඇතිවුණු තෙරපීමකින් කාන්තාවන් තිදෙනෙක් මියගොස් ඇත.
එම තෙරපීමෙන් අසාධ්‍ය වූ සිව් දෙනෙක්ද කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇතැයි පොලීසිය කියයි.
ඇදිරි නීතිය පවතින මොහොතක දෙහිවල සිට මාළිගාවත්තට පැමිණ නිරෝධායන නීති උල්ලංඝණය කරමින් ජනතාව රැස් කිරීම සම්බන්දයෙන් සැකපිට එම මුදල් බෙදා දුන් හාජ්ජියාර් අත්අඩංගුවට ගැනීමට පොලීසිය පියවර ගෙන තිබේ.
මේ දිනවල මුස්ලිම් දේවස්තාන අවට මේ අකාරයට මුදල් සහ ආධාර බෙදීම් සිදුවන බවත් ඒ සියල්ල සිදුවන්නේ ආරක්ෂක හෝ සෞක්‍ය අංශ දැනුවත් කිරීමකින් තොරව හිතු මනාපෙට බවත් බුද්ධි අංශ සදහන් කරයි.