සහල් සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීමට රජය පියවර ගෙන තිබේ.
ඒ අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඒ පිළිබඳ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
නව උපරිම සිල්ලර මිල ගණන් පහත පරිදි වේ.
සුදු සහ රතු නාඩු කිලෝවක් – රුපියල් 220
සුදු සහ රතු සම්බා කිලෝවක් – රුපියල් 230
කීරී සම්බා කිලෝවක් – රුපියල් 260