හාල් මිල බස්සන්න ලබන සතියේ සිට වැඩපිළිවෙළක්

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

සීග්‍ර ලෙස ඉහල ගොස් ඇති සහල් මිල අඩු කිරීම සඳහා රජය සතුව ඇති වී මෙට්‍රික් ටොන් 40000 ක් කඩිනමින් සහල් බවට පත්කිරීමට අභ්‍යන්නර වෙළෙඳ කටයුතු අමාත්‍යංශය කටයුතු යොදා ඇත.

එම සහල් තොග ලක් සතොස හරහා ඉදිරි සතියේදී වෙළෙඳපොළට ලබාදීමටද අමාත්‍යංශය සැලසුම් කර ඇත.

වෙළෙඳපොළේ සහල් මිල ඉහළ ගොස් ඇති බවට තමාට තොරතුරු වාර්තා වූ බවත් ඒ අනුව මෙම නව පියවර දියත් කරන බවත් අභ්‍යන්නර වෙළෙඳ කටයුතු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා මාධ්‍ය වෙත පැවසීය.

මේ වනවිට මෙරට වෙළඳපොලේ , බොහෝ සහල් වර්ගවල මිළ ගණන් රුපියල් 100ත් 150ත් අතර මට්ටමක පවතින බව වාර්තාවේ.