කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය මාර්තු මස 17 වන දින සිට තාවකාලිකව අත්හිටුවා තිබෙන
ජාතික හැදුනුම්පත් නිකුත් කිරිමේ එක්දින සේවය අද (22) සිට යළි සිය රාජකාරි ආරම්භ කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කෙසේ වුවද අන්තර්ජාලය හරහා කලින් දින හා වේලාවන් වෙන් කරගත් 250 දෙනෙකුට පමණ පළමු අදියර යටතේ
මෙම හැදුනුම්පත් නිකුත් කිරිමේ සේවය ලබා දිමට ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව තිරණය කර තිබේ.