හිඟ වැටුප් සමග “සාෆි” යලි සේවයේ පිහිටුවයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සිංහල බෞද්ධ කාන්තාවන් 4000 කට අධික ප්‍රමාණයක් වඳභාවයට පත්කරන ලදැයි  චෝදනා එල්ල කරමින් අත් අඩංගුවට ගෙන, අනිවාර්ය නිවාඩු යවා සිටි කුරුණෑගල රෝහලේ වෛද්‍ය සාෆි සහාබ්දීන් මහතාව එම අනිවාර්යය නිවාඩු යවා තිබූ කාලය තුළ ලැබිය යුතු හිඟ වැටුප් ද ලබාදී නැවත සේවයෙහි පිහිටුවන ලෙස දැනුම් දී තිබේ.

මේ බව සඳහන් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත යවන ලද ලිපිය පහතින් දැක්වේ.