හිටපු ජනපතිට එල්ල වූ  පාස්කු නිර්දේශ ගැන  ශ්‍රීලනිපයේ අද සාකච්ඡාවක් 

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අපරාධ චෝදනා ගොනුකරන ලෙස නිර්දේශ කිරීම පිළිබද අද (25) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාවේදී සාකච්ඡාවට ගැනීමට නියමිත බව වාර්තා වේ.

 

පක්ෂ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඊයේ (24) පැවති පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් පසු මාධ්‍යට අදහස් දක්වමින් කියාසිටියේ “විධායක සභාවේදී යෝජනාවලියක් ඉදිරිපත් වෙයි. අපි ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව. ඒ අනුව මේ පාස්කු කොමිසමේ වාර්තාව පිළිබඳව පක්ෂයක් ලෙස අපේ අවසන් තීරණය හෙට(25) ඉදිරිපත් කරන්න පුළුවන් වෙයි” යනුවෙනි.

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ පස්වරුවේ පක්ෂ කාර්යාලයේදි රැස්වුනේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.