හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිල වාහන සහ නිල නිවාස 20 ට පෙර භාරදෙන ලෙස දැනුම් දෙයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

හිටපු රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්, මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් භාවිත කළ නිල වාහන සහ නිල නිවාස ලබන 20 වනදාට පෙර භාර දෙන ලෙස , රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දැනුම් දී ඇත.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය නිකුත් වීමත් සමග මේ පිළිබඳව සියලු රාජ්‍ය, නියෝජ්‍ය අමාත්‍යවරුන්ට සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අමාත්යංශය මේ බව දැනුම් ඇත..

නිල නිවාස සහ නිල වාහන නියමිත දිනට පෙර ලබා නොදීමෙන්, ඉදිරි කටයුතු වලට බාධා එල්ල විය හැකි බැවින්, ඒ පිළිබඳ අවධානය යොමු කර, කඩිනමින් එම නිවාස සහ වාහන රජයට භාර දෙන්නැයි, අමාත්යංශය මෙහිදී සඳහන්කර ඇත .

මේ අතර, පසුගිය ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරුන් කිහිපදෙනෙකු තවමත් නිල නිවාස රජයට භාර දී නොමැති බව ද,වාර්තවේ