හුදෙකලා ප්‍රදේශවල සහ නිරෝධායන පවුල්වලට රජයෙන් 5000ක සහන මල්ලක්

Picture of අසංක

අසංක

නිරෝධායනය කර ඇති පවුල්‌ සභ හුදකලා කර ඇති ප්‍රදේශවල ජනතාව වෙනුවෙන්‌ සතොසෙන්‌ රු.5000/- සහන මල්ලක්‌ ලබාදීමට රජය පියවර ගෙන තිබේ.

කොචිඩ්‌ වසංගත තත්වය මත දිවයින පූරා සංචරණ සීමා පැනවීමට රජය විසින්‌ ගත්‌ ක්‍රියාමාර්ගය හේතුවෙන්‌ ජනතාවට අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ ලබා දීමේ යාන්ත්‍රණයක්‌ සැකසීම පිළිබඳ සාකච්ඡාවේදී ගත්‌ තීරණය පරිදි මෙම පියවර ගෙන ඇත.

මේ අනුව අත්‍යවශ්‍ය පාරිභෝජන ද්‍රව්‍ය 20ක්‌ ඇතුළත්‌ රු.5000/- ක්‌ වටිනා සහන මල්ලක් එලෙස ලබා දීමට අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස්‌ පරිදි සතොස ආයතනය විසින්‌ කටයුතු යොදා ඇත.

මෙම සහන මල්ල බෙදාහැරීමේ කටයුතු ඒ ඒ ප්‍රදේශයන්‌ අයත්‌ දිස්ත්‍රික්‌ ලේකම්‌ කාර්යාල භා ප්‍රාදේශීය ලේකම්‌ කාර්යාල, ප්‍රදේශයේ ග්‍රාමසේවා.
නිලධාරීන්‌, සමෘද්ධි නිලධාරීන්‌ විසින්‌ සිදු කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව මෙම භාණ්ඩ ඇතුළත්‌ සහන මලු අදාල දිස්ත්‍රික්‌ ලේකම්‌ කාර්යාල හා ප්‍රාදේශීය ලේකම්‌ කාර්යාල සඳහා නිකුත්‌ කිරීමට පමණක්‌ සතොස අලෙවිසැල්‌ ජාලය භා සමූපකාර අලෙවිසැල්‌ විවෘතව තැබේ.

මෙම සහන මල්ල සඳහා ඇතුළත්‌ වන භාණ්ඩ මෙසේය.

සුදු නාඩු සහල්‌ 10kg
රතු කැකුළු සහල්‌ 5kg
පාන්‌ පිටි 3kg
අල (දේශීය) 3kg
රතු පරිප්පු 2kg
සුදු සිනි කිලෝ 1kg
දූඹුරු සිනි කිලෝ 1kg
භාල්මැස්සන්‌ (තායි) 500g
බී ලූනු 3kg
තේ කොළ 200g
ගම්මිරිස් 100g
ලුණු කැට 1kg
මිරිස්‌ කුඩු 200g
සෝයා මීට් 90 පැකට්‌ 02
දෙවැනි බැත 350g
නුඩ්ල්ස්‌ 1kg
ක්‍රීම්‌ කැකර්‌ බිස්කට්‌ 500g
මාරි 300 පැකට්‌ 1
මුහුණු ආවරණ 10
විබේජ නාශක දියර 100ml