හෙට (08) දිනයේ ද අද මෙන්ම විදුලිය විසන්ධි කිරීමට තීරණය කර තිබේ.
ඒ පිළිබඳ ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීම මහජන උපයෝගිතා කොමිසම විසින් අනුමත කර ඇත.
ඒ අනුව P,Q,R,S,T,U,V,W ප්රදේශවල උදේ 9 සිට සවස 5 දක්වා පැය 2 ක් විදුලි කප්පාදු කෙරෙනු ඇත. සවස 5 සිට රාත්රී 9 දක්වා පැයක් ද එම ප්රදේශවල විදුලි කප්පාදු කෙරෙනු ඇත.
E & F ප්රදේශ සඳහා උදේ 8 සිට සවස 6 දක්වා පැය 5ක් විදුලි කප්පාදු කෙරේ. හෙට සවස 6 සිට රාත්රී 11 දක්වා පැය දෙකහමාරක් ද විදුලි කප්පාදුව සිදු වනු ඇත.
පවතින විදුලිය විසන්ධි වීම හේතුවෙන් විදුලි පාරිභෝගිකයින්ට සිදුවන අපහසුතාවයන් පිළිබඳව මහජන උපයෝගිතා කොමිසම කනගාටුව පළ කරයි.