හෙට (20) දිනයේ රජයේ අත්‍යවශ්‍යම සේවාවන් පවත්වාගෙන යාමට අවශ්‍ය නිලධරයන් හැර අනෙකුත් නිලධරයන් සේවයට වාර්තා කිරීම අවශ්‍ය නොවන බවට රජය දන්වා තිබේ.
ඒ බව සඳහන් කරමින් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (19) පාර්ලිමේන්තුවේදී ඉන්ධන භාවිතය අවම කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය රජයේ සේවකයින් පමණක් හෙට දිනයේ රාජ්‍ය ආයතන සඳහා කැඳවන ලෙස ඉල්ලීමක් ද කර තිබුණි.