ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග හෙට (27) පැවැත්වීමට නියමිත සාකච්ජාවේදී ඇතිකර ගතයුතු එකඟතා පිළිබඳව අවසන් තීරණයන් ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද (26) පැවැත්වීමට නියමිතය . පක්‍ෂ දෙකම නියෝජනය කල හැකි ජනපති අපේක්‍ෂකයා කවුරුන්ද යන්න ගැනත් මෙහිදී එකඟතාවයකට පැමිණීමට බලාපොරොත්තුවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා පැවසීය . හෙට පැවැත්වෙන සාකච්ඡාවේදී පොදුජන පෙරමුණට යෝජනා රැසක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ත්එ එම යෝජනා පිළිබඳවද අද මධ්‍යම කාරක සභා රැස්වීමේදී එකඟතාවයන්ට පැමිණෙන බවත් අමරවීර මහතා පවසය . කැබිනට් අමාත්‍යංසහ ගණන සීමා කිරීම,නව මැතිවරණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම, , වංචා දූෂණ සිදු කළ පුද්ගලයින්ට එරෙහිව දඬුවම් දීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම, රට ණය උගුලෙන් බේරා ගැනීම අදාළ යෝජනා පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කරන බවත් ඔහු පැවසීය