කෙරෝනා වසංගතය හේතුවෙන් ඇදිරිනීතිය පැනවීමට පෙර සිට ක්‍රියාත්මක වූ සියළු දුම්රිය ගමන් වාරයන් කාර්්‍යාල දුම්රියද ඇතුළුව හෙට (08දා) සිට ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවත්
එම සියල්ල ධාවනය කළද ආසන පහසුකම් සැපයිය හැක්කේ 26,000 ට පමණක් බැවින් දුම්රිය මගීන් සියළු දෙනාට
ආසන පහසුකම් සැපයීමට හැකියාවක් නොමැති බවද දුම්රිය දෙපාර්තමේන්තුව පවසා සිටි. සාමාන්‍ය වැඩකරන දිනක දුම්රියෙන් මගීන් 147,000 වඩා
වැඩි පිරිසක් ගමන් ගන්නා අතර සියළු දුම්රිය ධාවනයේ යෙදවුවද දුම්රිය ආසන ඇත්තේ 26,000 ක් පමණක් බැවින්
දුම්රිය ගමනාගමනයේදී යම් අර්බුදයක් මතුවිය හැකි වුවද ඊට වඩා දුම්රිය යෙදවීමේ හැකියාවක් නොමැති බවද දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය
සාමාන්‍යාධිකාරී වී එස් පොල්වත්තගේ මහතා පවසයි. එබැවින් දුම්රිය ගමන් සාමාන්‍ය පරිදි ආරම්භ වුවද
රාජකාරී ගමන් සඳහා පමණක් දුම්රිය භාවිත කරන ලෙසත් අනවශ්‍ය ගමන් බිමන් යාමෙන්
වළකින ලෙසත් දුම්රිය දෙපාර්තමේන්තුව මගී ජනතාවගෙන් ඉල්ලා සිටියි.