හෙට සිට යළි විදුලිය කැපෙයිද ? – තීරණාත්මක සාකච්ජාව අද !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

විදුලි බල මණ්ඩලයට ඉන්ධන ලබා ගැනීමට නම් අවශ්‍ය වන්නේ සාකච්ඡා නොව අවශ්‍ය ඩොලර් ලබා දීම බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අවධාරණය කර සිටී .

ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයා සමග අද දිනයේ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවට විදුලි බල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා  සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින්  බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මේ බව පැවසීය

අවශ්‍ය මුදල් නොමැතිව විදුලි බල මණ්ඩලයට සහ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට ඉන්ධන නිකුත් නොකිරීමට ඉකුත්දා ඛණිජ තෙල් සංස්ථාව තීරණය කළේය . කෙසේවෙතත් එම තීරණයෙන් පසු ලංකා විදුලි බල මණ්ඩලය මේ දක්වා කිසිදු මුදලක් ඛණිජ තෙල් සංස්ථාවට ලබා දී නොමැති බවද බලශක්ති අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය

විදුලි අර්බුදය සම්බන්ධයෙන් ලංකා ඛණිජ තෙල් නිීතිගත සංස්ථාව සමග නැවතවරක් අද  දිනයේ සාකච්ඡාවක් පවත්වන බව විදුලි බල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පසුගියදා පැවසීය

ලංකා විදුලි බල මණ්ඩලයට ඉන්ධන මෙටි්‍රක් ටොන් 3,000ක් ලබා දීම හේතුවෙන් ලබන 18වනදා දක්වා විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

කෙසේවෙතත් ලබන 22වනදා දක්වා ඉන්ධන ලබා ගැනීම සඳහා අද  පැවැත්වෙන සාකච්ඡාවේදී යළි ඉල්ලීක් කරන බවයි මුදල් අමාත්‍ය ගාමිණි ලොකුගේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.