රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් හෙට (01) දින දැවැන්ත එක්දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට වරාය, තෙල්, විදුලි, බැංකු, ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තිය සංගම් තීරණය කර තිබේ.
අත්‍යවශ්‍ය සේවා පවත්වාගැනීමට නොහැකිවීම තුළ මහජනයාට ඇතිවන දුෂ්කරතාවල වගකීම ආණ්ඩුව භාරගත යුතු බව ඔවුන් පවසසයි.
එම වැඩ වර්ජනයට ශ්‍රී ලංකා මහ බැංකුවේ වෘත්තිකයන් ද එක්ව සිටීම විශේෂත්වයකි,
වැඩ වර්ජනය පිළිබඳ එම වෘත්තිය සංගම් අතර සාකච්ඡාවක් කොළඹදී ඊයේ (27) පැවැත්විය.
මේ අතර වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුවේ විශේෂ සාකච්ඡාවක් ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේදී අද පැවැත්විය.
ඒ මාර්තු පළමුවැනිදා වැඩ වර්ජනය සම්බන්ධයෙනි.
එහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවස්නේ වර්ජනයට එක්වනවා ද නැද්ද යන්න තීරණය අද (28) ප්‍රකාශට පත් කරන බවය.