හොංකොං අර්බුදය නිසා කැතේ පැසිෆික් CEO ඉල්ලා අස්වෙයි

Picture of අසංක

අසංක

චීන රජය හා හොංකොං ගුවන් මෙහෙයුම් අතර ඇතිවූ අර්බුදයත් සමග හොංකොං පදනම් කරගනිමින් ක්‍රියාත්මක කැතේ පැසිෆික් ඒයාර්වේස් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රුපර්ට් හොග් සහ ප්‍රධාන පාරිභෝගික හා වාණිජ නිලධාරි පෝල් ලූ යන දෙදෙනා ඒම ධුරවලින් ඉල්ලා අස්වී තිබේ. ඒ ලබන 19 වැනිදා සිට බලපැවැත්වෙන පරිදියි.

එම ධුර සදහා පිළිවෙළින් හොග් වෙනුවට ඔගස්ටස් ටැන්ග් සහ ලූ වෙනුවට රොනල්ඩ් ලැම් පත්කර තිබේ.

කැතේ පැසිෆික්හි ප්‍රධාන විධායක නිලධාරියාගේ ඉල්ලා අස්වීම සිදුවන්නේ ඔහු විසින් හෙංකොංහි තම සමාගම් සේවකයන්ගේ අයිතිවාසිකම් පිළිබද ඇතිකරගත් උණුසුම් වාද විවාද අවසානයේදීය. 10 වැනි සතියටත් සිදුකෙරෙන හොංකොංහි විරෝධතාව නිසා තම සමාගමේ සේවකයන්ට සිදුවන අපහසුතාව පිළිබද ඔහු දිගින් දිගටම සටන් කර තිබේ. සති දෙකක් පමණ විරෝධතාකරුවන් හොංකොං ගුවන්තොටුපල වසා දැමීම නිසා තත්ත්වය වඩාත් බරපතළ විය. මේ තත්ත්වය හමුවේ සිය සේවකයන් ද නීතිවිරෝධී ඒකරාශීවීමට පටන් ගැනීම හොග් හෙළාදැක තිබේ. විරෝධතාවට එකතු වූ තම සමාගමේ ගුවන් නියමුවන් දෙදෙනකු හා කාර්ය මණ්ඩලයේ දෙදෙනකු ඉවත් කොට තිබුණි.

කැතේ පැසිෆික් ගුවන් සමාගමේ සභාපති ජෝන් ස්ලෝසාර් පවසන්නේ ‘හොංකොං කියන්නේ අපේ සමාගමට අද්විතීය ස්ථානයක්. ආසියාවේ විශාලතම හා වැඩිම මගීන් පිරිසක් හුවමාරු වන දැවැන්ත ගුවන්තොටුපල මෙහෙයුම් සිදුවන තැනක්. නමුත් අපි හිතනවා මතුවූ වාතාවරණයත් සමග ආත්ම විශ්වාසයෙන් වැඩ කළ හැකි සහ නව මානයක් කරා මෙම ගුවන් සේවය ගෙන යා හැකි අලුත් කළමනාකාරිත්වයක් අවශ්‍යයි කියලා’ යනුවෙනි.