හොංකොං ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ගිනිගනී

Picture of Roshan

Roshan

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

හොංකොං ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ඊයේ (15) ගින්නක් ඇතිවී තිබේ. එම ගින්න ඇතිවන අවස්ථාවේ එම ගොඩනැගිලි සංකීර්ණයේ සිටි පුද්ගලයින් 1,200ක් පමණ බේරාගෙන ඇති බව වාර්තා විය.

ඒ අනුව ඉන් තුවාල ලැබූ 13 දෙනෙකු රෝහල් ගත කර තිබේ. ඊයේ පස්වරුව වනවිටත් එතුළ තවත් පුද්ගලයින් සිය ගණනක් සිරිවී සිටි බව සඳහන් විය. සිරවී සිටින පිරිස බේරාගැනීම සඳහා මුදාගැනීමේ කණ්ඩායම් යොදවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

හොංකොං ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ විදුලි ස්විච සහිත කාමරයක ඇති වූ විදුලි කාන්දුවක් හේතුවෙන් එම ඇතිවන්නට ඇති බව සඳහන් වෙයි.

හොංකොං දූපතේ Causeway Bay හි ජනාකීර්ණ ප්‍රදේශයේ පිහිටි ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ දිවා ආහාර වේලාවේදී දහවල් 12:30 ට පමණ ගින්න ආරම්භ විය.

300 කට වැඩි පිරිසක් අවම වශයෙන් පැය තුනක්වත් වහලය මත සිරවී සිටි බව එරට මාධ්‍ය වාර්තා කළේය. පස්වරුව වන විට 1,200 කට වැඩි පිරිසක් ගොඩනැගිල්ලෙන් ඉවත් කර ඇති බව එරට පොලිසිය පවසයි.

තට්ටු 38 කින් යුත් මෙම ගොඩනැගිල්ල එහි පහළ මහලේ කාර්යාල, ආපනශාලා සහ සාප්පු සංකීර්ණයක් ඇත.