හොරෙන් ආ ලාංකිකයා ඉන්දියාවේ දී අත්අඩංගුවට

Picture of අසංක

අසංක

නීතිවිරෝධී ලෙස ඉන්දියාවට ඇතුළු වූ බවට ශ්‍රී ලාංකිකයෙකු රාමේශ්වරම් පොලිසිය විසින් අද අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ වවුනියා නගරයේ පදිංචි 24 හැවිරිදි අරුන්රාජ් නැමැත්තා මෙලෙස මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට ඇතුළු වූ බව ඉන්දීය පොලිසිය පවසයි.

මේ වනවිට මෙම පුද්ගලයාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරන බවද පොලිසිය එරට මාධ්‍ය වෙත සඳහන් කර ඇත.