හෝටල් – ආපනශාලාත් කළු කඩ වෙයි

Picture of Roshan

Roshan


පැතුම් වික්‍රමරත්න

වෙළදපොලේ භාණ්ඩ මිල ඉහළ යාමත් සමග ආපන ශාලා සහ හෝටල් හිමියන් අසාධාරණ අයුරින් ආහාර වර්ගවල මිල ගණන් ඉහළ දමා ඇති  බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය චෝදනා කර සිටී .

මෙහිදී   ආහාර වර්ගවල ප්‍රමිතියද අඩු කර ඇති බවට එම ජාතික ව්‍යාපාරයේ සභාපති රන්ජිත් විතානගේ මහතා නිවේදනයක් නිකුතං කරමින් සඳහන් කර ඇත පිරිවැය අඩු කර ගැනීම සදහා, සාපේක්ෂව අඩු මිලට ඇති සහල් යොදාගැනීම මෙන්ම බත් පැකට්ටුවක ඇති ව්‍යංජන ප්‍රමාණයද අඩු කර ඇති බව මෙහි දැක්වේ.

ආපනශාලා සහ හෝටල් හිමියන්ගේ මෙම අසාධාරණ වැඩපිලිවෙල වැළැක්වීමට රජය මැදිහත්විය යුතු බවද  පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසයි .