දැනට අඩාල වී ඇති හෝටල් ක්ෂේත්‍රයට සම්බන්ධ ස්ථිර සේවකයින්ට වැටුප් ගෙවීම සඳහා රජයෙන් සහන පොලී යටතේ ණය ලබා දීමට රජය තීරණය කර තිබේ.
ඒ සඳහා වන ණය ගිවිසුමකට පසුගියදා අත්සන් තැබූ බව සංචාරක අමාත්‍යාංශයේ ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
ඒ අනුව ආසියානු සංවර්ධන බැංකුවේ අමෙරිකානු ඩොලර් මිලියන 200 ක ණය මුදලක් ලබා දෙන බවද ඔහු ප්‍රකාශ කළේ ය.