හෝමාගම රෝහලේ කොවිඩ් මිනී ගොඩගැසෙයි JMOලා නිහඬ විරෝධයක

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි
හෝමාගම මූලික රෝහලේ තැන්පත් කර ඇති කොවිඩ් මෘතදේහ එම පුද්ගලයන්ගේ ඥාතීන් විසින් භාර නොගැනීම හා ඇතැම් සිරුරු හඳුනාගැනීමට හෝ කිසිවකු නොපැමිණීම හේතුවෙන්
එම මෘතදේහවල අවසන් කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් අර්බුදයක් හටගෙන තිබේ.
එම මෘතදේහ ආදාහනය කිරීමට අවශ්‍ය මිනී පෙට්ටි ද නොමැති බව පවසමින් හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීන් ඊයේ (04) නිහඬ විරෝධතාවයක නිරත විය.
“ශීතරකණයේ දේහයන් 4ක් තැන්පත් කිරීමට හැකියාව තිබියදී ඊයේ දවස වෙනකොට දේහයන් 8ක්. තිබෙන දේහයන් 6න් 5ක් ම මුස්ලිම් රෝගීන්ගේ දේහයන්. මේවා හඳුනාගැනීමට පවා ඉදිරිපත් වෙන්නේ නෑ. ඔවුන්ගේ විරුද්ධත්වය පළ කරන්නේ මේ ආදාහනය කිරීමේ ක්‍රියාවලියට. දේහ දෙකක් මේ වනවිටත් නරක් වෙමින් පවතිනවා. මේක අපේ සෞඛ්‍ය සේවකයින්ගේ ජීවිතවලට දැඩි තර්ජනයක්,” යනුවෙන් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනී, වෛද්‍ය වරුණා ජයසූරිය මහත්මිය කීය.