ළමා- කාන්තා අපරාධ පාලනය කළොත් රටේ අපරාධවලින් 50% ක් අඩුවෙයි -නවතම සමීක්ෂණයක් හෙළිකරයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ
ශ්‍රී ලංකාවේ ළමා හා කාන්තා අපරාධ පාලනය කළොත් මෙරට බරපතළ අපරාධ හෙවත් ගහන අපරාධ 50%කින් අඩු කළ හැකි බව  අනාවරණය වී තිබේ.
ඒ ළමා හා කාන්තා කාර්‍යංශය කරන ලද සමීක්ෂණයකදී ය.
ඊට හේතුවී ඇති දෛනිකව වාර්තා වන අපරාධ අතරින් 50%ක්  පමණ ප්‍රමාණයක් ඇත්තේ ළමා හා කාන්තා කාන්තාවන් සම්බන්ධයෙන් වූ අපරාධ වීමයි.
මෙරට වෙසෙන දෙකෝටි විසි ලක්ෂයක පමණ වන සම්පූර්ණ ජනගහනයෙන් 50% ක පිරිසක් කාන්තාවන් ය.
තවත් 20-30%ත් අතර සංඛ්‍යාවක් දරුවන්ය.
මේ අනුව බැලීමේදී රටේ ජනගහණයෙන් වැඩි කොටසක් නියෝජනය කරන්නේ  ළමා හා කාන්තාවන්ය.
එබැවින් සියලුම සියලුම පොලිස් ස්ථානවල පිහිටි  ළමා හා කාන්තාල මහා කාන්තා කාර්යාංශ පවතින තත්ත්වයට වඩා බලගැන්වීමෙන් හා ඒවාට ප්‍රමුඛතාවය දීම තුළින්  මේ තත්ත්වය මඟ හරවා ගැනීමට ඉවහල් වන බවට නම හා කාන්තා කාර්‍යංශය  පෙන්වාදෙයි.