ළූනු අපනයන තහනම එපා – ලංකාව ඉන්දියාවෙන් ඉල්ලයි

Picture of අසංක

අසංක

ඉන්දියාව අපනයන සම්බන්ධයෙන් පනවා ඇති වෙළඳ බාධක ඉවත් කරන ලෙස ශ්‍රී ලංකා රජය එරට රජයෙන් ඉල්ලා සිටී.

ළූණු ඇතුළු භාණ්ඩ කිහිපයක් සඳහා අපනයනය සීමා කිරීමට අසල්වැසි රට ගෙන ඇති පියවර ශ්‍රී ලංකාව වැනි කුඩා රටවල් වලට අහිතකර ලෙස දැනෙන බවද ඉන්දීය ආර්ථික සමුළුවේදී අදහස් දක්වමින් අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කර ඇත.

“පසුගිය සති කිහිපය තුළ ඉන්දියාව ළූණු අපනයනය කිරීම තහනම් කළා. සමහර විට ඔබ එය නොදැන සිටියත් අප වැනි කුඩා රටවල එය මිල කෙරෙහි විශාල බලපෑමක් ඇති කරනවා” යැයි ඔහු මෙහිදී පැවසීය.