ෆයිසර් – බයෝඑන්ටෙක් සමාගම් ඒකාබද්ධව නිපදවූ කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත සඳහා අනුමැතිය ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර ඇත.
හදිසි භාවිතය සඳහා සුදුසු ලෙස නිර්දේශ කරමින් මෙම අනුමැතිය නිකුත්කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සැලසුම් කර ඇති බවද වාර්තාවේ .
ඒ අනුව මෙම එන්නත භාවිතා කිරීමට බලාපොරොත්තු වන රටවල් වලට තම තමන්ගේ සෞඛ්‍ය අංශවල අනුමත කිරීම් ක්‍රියාවලීන් සහ එන්නත් ගෙන්වීමේ ක්‍රියාවලින් කඩිනම් කිරීම සඳහා අවස්ථාව විවර වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර ඇත
.සංවර්ධනය වෙමින් පවතින රටවලට එම එන්නත පහසුවෙන් ලබාගත හැකි බවද එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය නියෝජිතායනය ද ප්‍රකාශ කර ඇත . කොවිඞ් මර්දන එන්නතක් වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශයක් ලබාදුන් පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි .