” ෆයිසර්” සමග සාකච්ජා සාර්ථකයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඇමෙරිකාවේ ෆයිසර් ඖෂධ නිස්පාදන සමාගම, ජර්මනියේ ‘බයෝ ඇන්ටෙක්’ සමාගම සමඟ එක් වී, නිපදවා ඇති ‘ෆයිසර්’ එන්නත ශ්‍රී ලංකාවට මිලදී ගැනීම සම්බන්ධයෙන් පැවැති සාකච්ඡා සාර්ථක වෙමින් පවතින බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කර සිටී

ඒ අනුව , ඉදිරි දින කීපයේ දී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එලැඹෙනු ඇති බවත්  මහාචාර්ය චන්න ජයසුමන මහතා මාධ්‍ය වෙත  ප්‍රකාශ කර සිටීයේය

මේ වනවිට නිපදවා ඇති වැඩිම සාර්ථකත්වයක් පෙන්නුම් කරන, කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත වන්නේ ඇමෙරිකාවේ ‘ෆයිසර්’ සමාගමේ මෙම එන්නත වන අතර  මෙහි  සාර්ථකත්වය සියයට 95 කට ආසන්නය .

, එන්නත සම්බන්ධයෙන් ඇති ගැටලුව එන්නත ගබඩා කිරීමට අධි ශීතකරණ අවශ්‍ය වීම වන වබැවින් ඒ සම්බන්ධයෙන් ‘ෆයිසර්’ සමාගම විසඳුමක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද මහාචාර්ය ජයසුමන මහතා සඳහන් කර සිටී