දෙමළ ජනතාව සඳහා ස්වයං පාලන අයිතිය සහිත ෆෙඩරල් පාලන ක්‍රමයක් ලබාදියහැකි පක්ෂයකට ආණ්ඩු බලය පිහිටුවීම සඳහා සහාය ලබාදීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබේ.
එසේම උතුරු සහ නැගෙනහිර දෙපළාත යළි ඒකාබද්ධ කිරීම සඳහා එම පළාත් දෙකේ ජනතාවට පමණක් ඡන්දය දිය හැකි ජනමත විචාරණයක් පවත්වන්නට එකඟ වන පක්ෂයකට තම සහාය හිමිවන බවද එම පක්ෂ ය සඳහන් කර ඇත.
මීට අමතරව උතුරු සහ නැගෙනහිර දෙපළාතේ පිහිටි හමුදා කඳවුරු ඉවත් කිරීම, යුද සමයේ අතුරුදන්වූවන් පිළිබඳ වගවීම, එසේ අතුරුදන් වූවන් පිළිබඳ වගකීම සතු අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර සියලූ සිරකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කිරීමට පියවර ගත යුතු බව දෙමළ ජාතික සන්ධානය පවසයි. එම ඉල්ලීමට එකඟවන ඕනෑම පක්ෂයකට සහාය ලබාදෙන බව දෙමළ ජාතික සන්ධානයේ මහ ලේකම් මාවෙයි සේනාධිරාජා මහත මාධ්‍ය වෙත සඳහන් කර ඇත .