ෆේස්බුක් සමාගම ඇමති ජෝන්ගේ ආන්දෝලනාත්මක ඡායාරූප ඉවත් කරයි

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සම්බන්ධයෙන් මේ දිනවල සමාජ ජාල තුළ සංසරණය වන ආන්දෝලනාත්මක ඡායාරූප ඉවත් කරන ලෙස ජනාධිපති කාර්යාලය මැදිහත්වීමෙන් ෆේස්බුක් සමාගමට දැනුම් දී තිබේ.

ඒ අනුව එම සමාගම විසින් ෆේස්බුක් හරහා සංසරණය වන සියලුම පෝස්ටුවලින් එම ඡායාරූප ඉවත් කර ඇත.

මේ පිළිබඳ අමාත්‍යවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරන බව මීට පෙර පවසා තිබුණ ද මෙතෙක් එවැනි පැමිණිල්ලක් කර නොමැති බව ‘ද කලම්බෝ එක්ස්ප්‍රස්’ වෙත වාර්තා විය.

කෙසේවෙතත් මෙම ඡායාරූප පිළිබඳ පැමිණිල්ලක් ලැබෙන්නේ නම් එය පරිගණක විද්‍යාගාර තුළ පර්යේෂණයට ලක්කොට සැකකරුවන් අත්අඩංගුවට ගැනීමක් වුවද කළ හැකි බව සදහන් වේ.

අදාළ අංශ ඒ පිළිබඳ මේ වනතෙක් කරන ලද කරුණු සොයාබැලීම්වලදී අනාවරණය වී ඇත්තේ එම ඡායාරූප ප්‍රතිනිර්මාණය කරන ලද ඒවා බවයි.