දම්පත් රණසිංහ
අහුන්ගල්ල, බලපිටිය ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවැති ෆේස්බුක් සාදයක් අතරතුර තරුණ තරුණියන් 28ක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ ඔවුන් සතුව ගංජා මත්ද්‍රව්‍ය තිබීම හේතුවෙනි.
එම මත්ද්‍රව්‍ය තිබූ සැකකරුවන් 13දෙනා හැර සෙසු අය පොලිස් ඇප මත මුදාහැර තිබේ.
එම සැකකරුවන් 13දෙනා අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.