සිය ෆේස් බුක් පිටුව තහනම් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පැමිණිලි කරන බවත් ඒ සම්බන්ධයෙන් ෆේස් බුක් සමාගමේ බලධාරීන්ගෙන් විමසීමක් කරන බවත් ඉරාජ් වීරරත්න පවසයි’
අද කොළඹදී පැවති මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව සදහන් කළ අතර තම ෆේස් බුක් පිටුව තහනම් කිරීම පිටුපස අමාත්‍ය මංගල සමරවිර මහතාට සහය පළ කරනු ලබන ෆේස් බුක් සමාගම වෙනුවෙන් මෙරට කටයුතු කරනු බලන නියෝජිතය් සෘජුව සම්බන්ධව ඇති බවටද ඔහු එහිදී චෝදනා කළේය
“පහුගිය කාලයේ ඥාණසාර හිමියන් සම්බන්ධයෙන් කිසිවක් ෆේස් බුක් වල පළකරන්න බැරිවෙන විදිහට උන්වයන්නේ ත්රස්තවාදියනේ ලෙසට හැගවෙන පරිදි කටයුතු කරන්න ආණ්ඩුවට සම්බන්ධ පිරිස් කටයුතු කළා ඒ වගේම අපේ මහනායක හිමියන්වත් වෛරී ප්‍රකාශ කරන්නෙක් විදිහට පෙන්වන්න මේ අය උත්සහ කළා. හැබැයි මේ අය සහරාන් වගේ අයගේ ක්‍රියාවන් තහනම් කරන්න කිසිවක් කරලා නැහැ. බුදුරාජානන් වහන්සේ මිනී මස් කාපු පුද්ගලයෙක් කියපු අයට කිසිවක් කලේ නැහැ ඒ නිසා අපිට කියනනේ් ආණ්ඩුව හිතා මතාම ඒ අයට අවාසි වෙන ඒ අයගේ වැරදි වංචාවන් හෙළි කරන පුද්ගලයින්ව නිහඩ කිරීමට මේ දේ කරනවා කියලයි” යුනවෙන් ඔහු එහිදී වැඩි දුරටත් ප්‍රකාශ කළේය.