දම්පත් රණසිංහ
අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතාගේ පුත්‍රයාගේ අවාහ මංගල උත්සවය අද උදෑසන අරලියගහ මැදුරේ විශේෂ උත්සව ශාලාවේදී පවත්වා තිබේ.
මේ සදහා මනාල මනාලි පාර්ශව වෙනුවෙන් සාක්ෂියට අත්සන් තබා ඇත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාය.
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පුතාගේ මංගල උත්සවය පැවැත්වීමත්
සමග අරලියගහ මැදුරේ මංගල උත්සව පැවැත්වීම ආන්දෝලාත්මක වු අතර එම මංගල උත්සවයෙන්
පසුව තවත් විවාහ මංගල උත්සව සදහා අරලියගහ මැදුර ලබා නොදෙන බවට නිවේදනය කර තිබිණි.
කෙසේ වෙතත් ද කළම්බො එක්ස්ප්‍රස් අධ්‍යනයන්ට අනුව අදාල විවාහ
මංගල්‍යය ඇමතිවරයාගේ ඉල්ලීම අනුව අරලියගහ මැදුරේ පවත්වා ඇත්තේ පසුගියදා ඇතිවු
බෝම්බ පිපිරීමේ සිද්ධියෙන් කිංස්බරි හෝටලය කලින් වෙන්කර තිබුණද ඊට බාධා ඇතිවු බව
සදහන් කරමිනි.