ක්‍රීඩා


Share now!

ආසියානු යොවුන් ක්‍රිකට් කුසලානය අතරතුර මත්පැන් පානය කළ ශී‍්‍ර ලංකා යොවුන් ක්‍රිකට් කී‍්‍රඩකයින් තුන්දෙනෙකුට තරග සංචාර තහනමක් පනවා ඇත.

එම ආසියානු තරගාවලියේ ඉන්දියාව සමග පැවති අවසන් පූර්ව තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමෙන් පසු මෙම යොවුන් කී‍්‍රඩකයින් තුන්දෙනා නවාතැන් ගෙන සිටි හෝටලයේදී බීමත්ව සිටි බවට අනාවරණය වී ඇත.

එම කී‍්‍රඩකයින්ගේ රුධිර සාම්පල පරීක්ෂා කිරීමෙන් පසු ඔවුන් බීමත්ව සිටි බව අනාවරණය වී ඇති අතර . ඒ හේතුවෙන් මෙම කී‍්‍රඩකයින් තිදෙනා එළඹෙන බංග්ලාදේශ සංචාරයෙන් ඉවත් කළ බවය ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සඳහන් කර සිටී.