ක්‍රීඩා


Share now!

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවැනි හා අවසන් අදියර මෙම සති අන්තයේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබේ. ඒ අනුව එළැඹෙන 28 දා 29 දා යන දෙදින තුළ මෙම තරගාවලිය කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වීමට නියමිතය.

මෙම තරගාවලියට ශ්‍රී ලංකාවට අමතරව ජපානය, හොංකොං, චීනය, තායිවානය හා පිලිපීනය යන කණ්ඩායම් එක්වීමට නියමිතය. තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සිය  පළමු තරගයට සෙනසුරාදා පස්වරු 2.58ට දකුණු කොරියාව සමග තරග කිරීමට නියමිතව තිබේ. දෙවැනි තරගය එදිනම සවස 6.38ට පැවැත්වීමට නියමිතව තිබේ.