නවතම පුවත්

ජාතිවාදි ඇමතිවරුන් නිසා වත්මන් රජය ජාතික ආරක්ෂාව තහවුරු කරේ නෑ – ගෝඨාභය

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

වත්මන් ආණ්ඩුවේ සිටින ජාතිවාදී බලවේග වලට යටවුණ ඇමතිවරුන් සිටින නිසා ජාතික ආරක්ෂාව තහවුරු කරන්න බැරි වුණ බවත්  වත්මන් රජය ජාතික ආරක්ෂාව පිළිබඳව තැකීමක් නොකළ  නිසා රටේ නැවතත් බෝම්බ  පිපිරෙන්න පටන් ගත් බව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඒ පසුගියදා අහුන්ගල්ලේ පැවති රැස්විමකට එක්වෙමිනි එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු  ඒ මහතා ,

“වසර හතරකට වැඩි කාලයක් තිස්සේ රටේ විද්වතුන්, වෘත්තිකයින් සමග සාකච්ඡා කරලයි, අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය හදල තිබෙන්නේ. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙන්නේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන් දේවලුයි. මගේ ධූර කාලය තුළදි මේ සැලසුම් සියල්ලම මම ක්‍රියාත්මක කරනවා. අපි මේ රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කළා. විවිධ ජනාධිපතිවරුන් යටතේ වසර 30 ක් ඇඳි  ගිය ත්‍රස්තවාදය අපි අවසන් කළා. විවිධ ජාතිවාදී බලවේග වලට යටවුණ ඇමතිවරුන් ඉන්න මේ රජයට ජාතික ආරක්ෂාව තහවුරු කරන්න බැරි වුණා. වත්මන් රජය ජාතික ආරක්ෂාව පිළිබඳව තැකීමක් නොකල නිසා නැවත රටේ බෝම්බ පිපිරෙන්න පටන් ගත්තා.

පාස්කු  ප්‍රහාරයට මාස කිහිපයකට පමණ පෙර  සිටම යම් පහර දීමක් සිදුවන බවට වත්මන් රජයට විදේශ බුද්ධි අංශ හරහා පවා දැනුම් දී තිබුණා. එය වලක්වා ගන්න රජය අපොහොසත් වුණා. රාජ්‍ය ආරක්ෂාව, ජාතික ආරක්ෂාව පිළිබඳව මේ රජයට අවබෝධයක්, අවශ්‍යතාවයක් නැහැ. අපි මේ රටේ රණවිරුවන්ගේ අභිමානය නැවත ඇති කරනවා. රට තුළ කිසිදු ත්‍රස්තවාදයකට හිස ඔසවන්න ඉඩ තියන්නේ නැහැ.

අපේ රජය 2009 දී රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරාට පස්සේ රටේ සංචාරක ව්‍යාපාරයේ විශාල පිබිදීමක් ඇති වුණා. පසුගිය පාස්කු  ප්‍රහාරයෙන් පස්සේ රටේ සංචාරක ව්‍යාපාරය නැවත කඩා වැටුණා. ඉන්දියාව සිට චීනය දක්වා තිබෙන රටවල් වල සංචාරකයින් විශාල වශයෙන් අපේ රටට ගෙන්වා ගත හැකියි. ඒ සදහා ආගමන විගමන නීතිරීති ලිහිල් කරන්න ඕනෑ. මගේ රජය යටතේ ඒ දේ කරන්න බලාපොරොත්තු වෙනවා. වත්මන් රජය යටතේ සියලු  ව්‍යාපාර කඩා වැටුණා. නිෂ්පාදනය වැඩි කරන්න, ව්‍යාපාරිකයින් ශක්තිමත් කරන්න අපි කටයුතු කරනවා. බදු ගෙවන්න සරල පහසු බදු ක්‍රමයක් හඳුන්වා දෙනවා. වැට් බද්ද 15% සිට 8% දක්වා අඩු කරන්න කටයුතු කරනවා. අපි අභියෝග භාර ගන්න ලෑස්තියි. අපි භාර ගත්ත අභියෝග ජයගෙන පෙන්වා තිබෙනවා.

ඔබ මා කෙරෙහි විශ්වාසය තබන්න. මම, මට දුන්න වගකීම් අකුරටම ඉෂ්ඨ කර පුද්ගලයෙක්. මගේ රටේ ආදරණීය ජනතාවගෙන් මා ඉල්ලා සිටින්නේ මා කෙරෙහි විශ්වාසය තබා ඔබ, ඔබේ යුතුකම ඉටු කරන්න. මම, මගේ වගකීම ඉටු කරන බව දැඩි විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කරනවා” යැයි ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි