CIPM ශ්‍රී ලංකා ‘The Great HR Awards 2027’ පූර්ව දැනුවත් කිරීමේ වැඩසටහන පවත්වයි

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මානව සම්පත් කළමනාකරණ වරලත් ආයතනය (CIPM Sri Lanka), ‘මාෂ්’ (Marsh) ආයතනය සමඟ එක්ව, කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වූ දැනුවත් කිරීමේ සැසියක් සමඟින් ‘The Great HR Awards 2027’ සම්මාන උළෙල සඳහා වන ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළේය.Hire Talent

ශ්‍රී ලංකාවේ මානව සම්පත් කළමනාකරණ ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය ඇගයීමට ලක් කෙරෙන ප්‍රමුඛතම සම්මාන වේදිකාවක් වන ‘The Great HR Awards 2027’ මඟින් ජනතා උපායමාර්ග, ආයතනික සංස්කෘතිය, තාක්ෂණය, නව්‍යකරණය සහ කාර්මික සබඳතා යන ක්ෂේත්‍රවල කැපී පෙනෙන දස්කම් දක්වන ආයතන ඇගයීමට ලක් කෙරේ. සම්මාන උළෙල මාර්තු 12 වැනිදා පැවැත්වීමට නියමිතය.

මෙම දැනුවත් කිරීමේ සැසිය සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශ නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගී වූ අතර, සම්මාන ප්‍රදාන රාමුව, අයදුම් කිරීමේ ක්‍රියාවලිය සහ ඇගයීම් ක්‍රමවේද පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා දෙන ලදී.

CIPM ශ්‍රී ලංකා ආයතනයේ සභාපති වෛද්‍ය නීල් බෝගහලන්ද මහතාගේ දේශනයකින් වැඩසටහන ආරම්භ වූ අතර, අනතුරුව ‘The Great HR Awards’ හි සභාපතිනි ඩෙවිනා කර්න් (Davina Ke) මහත්මිය සභාව අමතන ලදී.Hire Talent

මාෂ් ආයතනයේ අධ්‍යක්ෂිකා ශ්‍රද්ධාංජලි පට්නායක් (Shradhanjali Patnaik) මහත්මිය විසින් ඇගයීම් රාමුව පිළිබඳ දළ විශ්ලේෂණයක් ඉදිරිපත් කරමින්, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වීම සහ සාක්ෂි මත පදනම් වූ තක්සේරු ක්‍රමවේදයක වැදගත්කම අවධාරණය කරන ලදී.

2027 සම්මාන උළෙලේ විශේෂත්වයක් වන්නේ, නැගී එන ව්‍යවසායන්හි සිට මහා පරිමාණ සංස්ථා දක්වා සියලුම පරිමාණයේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන සඳහා සහභාගී වීමට අවස්ථාව සලසා තිබීමයි.

මෙවර ප්‍රථම වරට රාජ්‍ය අංශයේ ආයතන සඳහා ද ‘The Great HR Awards 2027’ හිදී අවස්ථාව වෙන් කර ඇති අතර, එමඟින් රාජ්‍ය අංශයේ මානව සම්පත් කළමනාකරණයේ විශිෂ්ටත්වය ඇගයීමට ලක් කෙරේ. වාණිජ නොවන රාජ්‍ය ආයතන සඳහා නොමිලේ සහභාගී විය හැකි අතර, වාණිජ රාජ්‍ය ආයතන සඳහා විවිධ කාණ්ඩ යටතේ සහනදායී අයදුම්පත් ගාස්තු පිරිනැමේ.Hire Talent

සම්මාන ප්‍රදානයට අමතරව, මෙම වැඩසටහන මඟින් ආයතනවලට සිය මානව සම්පත් භාවිතයන් ප්‍රමිතිගත කර ගැනීමටත්, සේවායෝජක සන්නාමය ශක්තිමත් කර ගැනීමටත්, මානව සම්පත් කළමනාකරණ ජයග්‍රහණ සැමරීමටත්, ව්‍යාපාරික කාර්ය සාධනය සඳහා මානව සම්පත් අංශයේ උපායමාර්ගික දායකත්වය ප්‍රදර්ශනය කිරීමටත් අවස්ථාව උදා වේ.

සම්මාන සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවසාන දිනය 2026 නොවැම්බර් 11 වැනිදා වේ.