20 විවාදය කල්දාන්න – විපක්ෂය ඉල්ලයි

Picture of අසංක

අසංක

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිලිබඳ විවාදය කල් දැමීමට පියවර ගන්නා ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටී .

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා රජය විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව රැස්වීම පැවැත්වීම නිමා කළ යුතු බවත් එසේ නොකිරීම එම ගැසට් නිවේදනයේ සඳහන් රෙගුලාසි උල්ලංඝණය කිරිමක් බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලිපියේ සඳහන් කර ඇත .

එමෙන්ම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අසුන් ගන්නා ආකාරයද රජය විසින් හඳුන්වා දී ඇති රෙගුලාසිවලට පරස්පර බවත් රැස්වීම් සීමා කර ඇති අවස්ථාවක පාර්ලිමේන්තුව පැවැත්වීමද එම නීතිරීතිවලට පටහැනි බවත් ලිපියේ දැක්වේ..