BREAKING NEWSදේශිය


Share now!

බන්ධනාගාරගතව සිටින මහාපරිමාණ මත්කුඩු ජාවාරම්කරුවන් සහ ප‍්‍රබල පාතාල කල්ලි සාමාජිකයන් කිහිපදෙනකු නඩු කටයුතු සදහා අධිකරණය වෙත රැුගෙන යාමේදී ඔවුන්ට විශේෂ ආරක්ෂාවක් ලබාදෙන ලෙස පොලිස් මූලස්ථානය බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.

බන්ධනාගාරගතව සිටින අදාළ රැදවියන් කිහිපදෙනකුට මරණ තර්ජන එල්ල වී ඇති බැවින් සහ ඔවුන්ට එරෙහි ප‍්‍රතිවිරුද්ධ කල්ලිවලින් ප‍්‍රහාරයක් එල්ල වෙතැයි ලැබුණු තොරතුරු පදනම්ව පොලිස් මූලස්ථානය අදාළ දැනුම් දීම කර තිබේ.

බරපතළ අපරාධකරුවන් සහ මහාපරිමාණ මත්කුඩු ජාවාරම්කරුවන් විවිධ නඩු කටයුතු ස`දහා දිවයිනේ අධිකරණ රැසකට රැගෙන යාමේදී ඔවුන්ට එල්ල වී තිබෙන ජීවිත තර්ජන හේතුවෙන් ඔවුන්ගේ ආරක්ෂාව වැඩිකිරීමට මෙම වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කිරීමට නියමිත ය.

ඉෂාර රත්නකාර