උසස් පෙළ විභාගය ආරම්භ කරන දිනය දැනුම් දෙයි. මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන මස 05 වැනිදා ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
විභාගය ලබන මස 31 වැනිදා මධ්‍යස්ථාන 2678 කදී පැවැත්වීමට නියමිතයි. විභාගයට පෙනී සිටින සමස්ත අයඳුම්කරුවන් සංඛ්‍යාව 337, 704ක්.
ඒ අතුරින් පැරණි නිර්දේශය යටතේ අයදුම්කරුවන් 139 ,475 දෙනෙකු විභාගයට පෙනී සිටින බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පුජිත මහතා සඳහන් කළා. නව නිර්දේශය යටතේ විභාගයට පෙනී සිටින අයදුම්කරුවන් සංඛ්‍යාව 198 , 229ක්.
අපේක්ෂකයින්ට විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ඉදිරි සති දෙක ඇතුළත සිදු කරන බව ද ඔහු කියා සිටියා.