නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා වැඩි උනන්දුවක් ඇති බව පෙනෙන්නට තිබේ.
අද දහවල් 12 වනවිට අයදුම්පත් 90ක් මැතිවරණ කොමිසමට ලැබී තිබේ.
නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේ කාලය අවසන් වනවිට අයදුම්පත් 100 ඉක්මවනු ඇතැයි මැතිවරණ කොමිසම අපේක්ෂා කරයි.
පසුගිය 18 වැනිදා ආරම්භ කළ නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේ කාලය අද පස්වරු 4ට අවසන් වේ.
දැනට ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කරන ලද දේශපාලන පක්ෂ සංඛ්‍යාව 70කි.