2020 වසරේදී සාහිත්‍යය සඳහා පිදෙන බුකර් ත්‍යාගය ඩග්ලස් ස්ටුවර්ට් විසින් රචිත ‘ෂගී බේන්‘ නම් කෘතියට හිමිව ඇත
ඩග්ලස් ස්ටුවර්ට් ගේ ප්‍රථම නවකතාව වන මෙය 1980 දශකයේ දී ග්ලාස්ගොව් නුවර සිට, ඇබ්බැහිවීමට සහ ද්‍රරිද්‍රතාවට ගොදුරුව සිටින තම මවට උදවු කරන පිරිමි ළමයකු ගේ වටා ගෙතී ඇත .
“බුකර්”: වීනිශ්චය මඩුල්ලේ ප්‍රධානී මාගරට් බස්බි මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ විනිසුරුවරුන්ගේ එකජන්දයෙන් මෙම පොත සම්මානය සඳහා තෝරාගත් බවයි .
මේ ග්‍රන්ථය “අභියෝගාත්මක යි, ළබැඳියි, සිත් ඇදගන්නාසුලු යි… මෙය කියවන ඕනෑම කෙනෙකුට එලෙස හැඟේවි” යැයිද ඇය තවදුරටත් මාධ්‍ය වෙත පවසා ඇත
හතළිස් හතර වියැති ස්ටුවර්ට් මාධ්‍ය වෙත පවසන්නේ තමන්, මෙම ජයග්‍රහණය නිසා පුදුමයටත් තිගැස්මටත් පත්ව සිටින බවය.
සිය නවකතාව ‘අඩුපාඩු සහිත දෙමාපියන් වෙත දරුවන් දක්වන කොන්දේසි විරහිත සහ නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් වන ආදරය ගැන කතා කරන ආදර කතාවක්‘ යැයි ද ඔහු කියයි.