2020 වසරේ කොරෝනාවෙන් මියගිය පිරිසට වඩා දෙගුණයක් දුම්පානයෙන් මියගිහින්!

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

2020 වසර තුල  දුම්පානය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව  ලක්‍ෂ පනහකට ආසන්න (4995674)  වන බව ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා පෙන්වාදේ .

මෙහි  සුවිශේෂී කරුණ වන්නේ මෙම 2020 වසර තුල කොරෝනා වසංගතයෙන් මියගොස් ඇති සමස්ත පුද්ගලයින්  සංඛ්‍යාව ලක්‍ෂ 18කට  ආසන්න අගයක් ගැනීමය .

ඒ අනුව මෙම වසර තුල දුම්පානය හේතුවෙන් මියගොස් ඇති පුද්ගලයින්ගේ ගණන, කොරෝනා වසංගතයෙන් මිය ගිය සංඛ්‍යාව මෙන් දෙගුණයකටත් වඩා වැඩි බව ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා පෙන්වාදේ .

එසේම මෙම වසර තුල මත්පැන් පානය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව ලක්‍ෂ 24 කට ආසන්න බවද ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා උපුටා දක්වමින් worldometers  (https://www.worldometers.info ) වෙබ් අඩවිය පෙන්වාදී ඇත .

ඒ අනුව මෙම වසර තුල පමණක් දුම්පානය හා මත්පැන් පානය හේතුවෙන් මියගොස් ඇති සංඛ්‍යාව ලක්‍ෂ 75කට ආසන්නවේ .