2021 අයවැය සම්මතයි 

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර
2021 වසර සඳහා වන අයවැය වැඩි ඡන්ද  97කින් ඊයේ (10) පාර්ලිමේන්තුවේ දී සම්මත විය.
තෙවැනි වර කියවීමේදී අයවැයට පක්ෂව ඡන්ද  151ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 54ක් පමණි.
නොවැම්බර් 17 වැනිදා අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ මෙරට 75 වැනි අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසුම පසුගිය 21වැනිදා පැවැතිණි.
 එය වැඩි ඡන්ද 99කින් සම්මත වූ අතර ඉන්පසු නොවැම්බර් 23 වැනිදා සිට දෙසැම්බර් 10වැනිදා දක්වා අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්විණි.
ඒ අනුව මේ වසරේ අවසන් වරට පාර්ලිමේන්තුව රැස්වූයේ ඊයේ දිනයේදීය.
 නව වසරේ පළමු සභාවරය මෙන්ම මීළඟ සභා වාරය එළැඹෙන 2021 වසරේ ජනවාරි 05 වැනිදා පැවැත්වීමට නියමිතය.