නේටෝවෙන් රුසියාවට අනතරු ඇඟවීමක් !

  රුසියාව යුක්‍රේනයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් ගතහොත් දරුණු ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවනු ඇති බවට බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යවරයා අනතුරු අඟවා තිබේ. G7 විදේශ අමාත්‍යවරුන්ගේ හමුවට සහභාගීවීම සඳහා ලිවර්පූල් නගරයට පැමිණි අවස්ථාවේදී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යවරයා ඒ බව පවසා ඇත. අනාගත සුරක්ෂිතභාවය සහ ආරක්ෂාව තහවුරු කරදීමට යුක්‍රේනය වැනි හවුල්කරුවන් සමග ආර්ථික සහ ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කරගැනීමට…

අප්‍රිකානු රටවලට පැනවූ සංචරණ තහනම ඉවත්කල හේතුව මෙන්න !

අප්‍රිකානු කලාපයේ රටවල් 6 ක සිට පැමිණෙන පුද්ගලයින්ට මෙරටට ඇතුළුවීමට පනවා තිබූ තහනම ඉවත් කිරීමට තීරණය කළේ පවතින තත්ත්වයන් පිළිබඳ සලකා බලා ලෝක සෞඛ්‍ය සංවිධානයේද අදහස් සැලකිල්ලට ගෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි ඔමික්‍රෝන් කොරෝනා ප්‍රභේදයේ ව්‍යාප්තිය හමුවේ දකුණු අප්‍රිකාව, නැමීබියාව, බොට්ස්වානා, සිම්බාබ්වේ, ලෙසතෝ සහ ස්වාසිලන්තය යන රටවලට ඉකුත් 27 වනදා සිට දින 17 ක කාලයක්…

ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට ,අමෙරිකාවෙන් තහනමක්

මානව හිමිකම් කඩකිරීමේ චෝදනා සම්බන්ධයෙන් මෙරට ආරක්ෂක අංශ සමාජිකයින් දෙදෙනෙකුට අමෙරිකා එක්සත් ජනපදය සංචාරක තහනම් පනවා ඇත එලෙස අමෙරිකා විසින් සංචාරක තහනම  පනවා ඇත්තේ නාවික හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු වු චන්දන හෙට්ටිආරච්චිට සහ යුද හමුදා සැරයන්වරයෙකු වූ සුනිල් රත්නායකටයි. 2008 – 2009 කාල සීමාවේදී ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී තරුණයින් 11 දෙනෙකු ඝාතනය කිරීමේ සිදු වීමට අදාලව චෝදනා…

ශ්‍රීලාල් නානායක්කාරගේ “පෙම්බරී, මා- රම්බරී” 18 දා දොරට වඩී !

ප්‍රවීණ චිත්‍ර ශිල්පියෙකු , ග්‍රන්ථ කර්තෘවරයෙකු , කවියෙකු , තිරකතා රචකයෙකු  මෙන්ම මෙරට ජනප්‍රියතම  චිත්‍ර කථා නිර්මාණකරුවෙකු වන,  ශ්‍රීලාල් නනායක්කාරයන්ගේ  නවතම නවකථාව “පෙම්බරී,මා-රම්බරී” නමින් එළඹෙන 18 දා පස්වරු 3.30ට  කඩවත, දළුපිටිය  “ඇල්ෆා” අධ්‍යාපන ආයතනයේදී දොරට වඩී. ශ්‍රීලාල් නනායක්කරයන්ගේ, අතිශය ජනප්‍රියත්වයට පත් චිත්‍ර කතාවක් ඇසුරෙන් නිර්මාණය කර ඇති මෙම නවකතාව , ඔහුගේ කුළුඳුල් නවකතා ග්‍රන්ථයද වේ.…