සංඝ සමුළුවේදී දැඩි ප්‍රකාශයක් !

රටේ වත්මන් අර්බුද විසඳා ජනතාවට සහන සැලසීම සඳහා තෛනිකායික මහනාහිමිවරුන් ඉදිරිපත් කළ යෝජනාවලිය වහා ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සංඝ සම්මුතියකට එළැඹීම අද (30) සිදු කෙරිණි.ඒ, කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශයේ පැවැත්වෙන සංඝ සමුළුවකදීය. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි ඇතුළු මහා සංඝරත්නය මේ සඳහා එක්ව සිටියහ. මහාචාර්ය…

අරගලයට අරමුණක් හා වැඩපිළිවෙලක් අවශ්‍යයි – “සිංහල වීර විදහන”

රට තුල මේවනවිට මතුවී ඇති ජනතා අරගලයට පූර්ණ සහය දක්වන නමුත් , මෙම අරගලය නිශ්චිත අරමුණක් හා වැඩපිළිවෙලක් සහිතව ඉදිරියට යාම අතිශයෙන් වැදගත් බව , සිංහල වීර විදහන ජාතික සංවිධානය අවධාරණය කර සිටී . එසේ නොවුනහොත් එම අරගලය හරහාඅ අපේක්‍ෂිත ප්‍රතිඵල අත්කරගැනීමට නොහැකිවනු ඇති බවද එම සංවිධානය ප්‍රකාශ කර සිටී , වංචාව දූෂණයට එරෙහිව මේවනවිට…

ඖෂධ වර්ග 60ක මිල , 40%කින් ඉහල නගී !

ඖෂධ වර්ග 60ක මිල සියයට 40කින් ඉහළ දැමීමට අවසර දෙමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන විසින්. ඒ යටතේ මිලිග්‍රෑම් 500 පැරසිටමෝල් පෙත්තක උපරිම සිල්ලර මිල රුපියල් 04යි ශත 16ක් දක්වා ඉහළ යනු ඇති. මිලිග්‍රෑම් 75 ඇස්ප්‍රීන් පෙත්තක හෝ කරලක උපරිම සිල්ලර මිල රුපියල් 07යි ශත 08ක් දක්වාත්…

ඉන්දියාව උණුසුම්වේ !

ඉන්දියාවේ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. දිල්ලිය ඇතුලු ඇතැම් නගරවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 44 ඉක්මවා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඉන්දිය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මේ සතිය තුළ බොහෝ ප්‍රදේශවල උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 04 කින් පමණ ඉහළ යනු ඇති බවයි. එය සැලකෙන්නේ වසර 122 කට පසු ඉන්දියාවෙන් වාර්තා වන ඉහළ ම…

ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මැතිවරණයට තරඟවදින ශ්‍රී ලාංකිකයා !

ඔස්ටේ්‍රලියාවේ වාසය කරන ශ්‍රී ලාංකිකයන්ට ඉමහත් සේවයක් ඉටුකල අයෙකු මෙවර ෆෙඩරල් පාර්ලිමේන්තුවට තෝරා පත්කර ගැනීමට වික්ටෝරියාවේ වාසය කරන ලාංකිකයන්ට අවස්ථාවක් උදාවී ඇත . ඒ හෝල්ට් මැතිවරණ කොට්ඨාශය නියෝජනය කරමින් ලිබරල් පක්ෂයෙන් රන්ජ් පෙරේරා මෙවර ෆෙඩරල් මැතිවරණයට ඉදිරිපත් වීමත් සමගයි. රන්ජ් පෙරේරා මහතා ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකීය ප්‍රජාවට සේවාවන් රැසක් ඉටු කර තිබෙන පුද්ගලයෙකු වන අතර…

ප්‍රශ්නවලට දුන් ඇතැම් විසඳුම් නිසා අලුත් ප්‍රශ්නත් ඇවිත් – මහබැංකු වාර්තාවක් කියයි

ගෙවුණු වසරේදී රට තුළ ආර්ථික අර්බුදය උග්‍ර වූ ආකාරය සහ මේ වනවිටත් ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඉදිරියේදී ක්‍රියාත්මක කරනුු ලබන පියවර සම්බන්ධයෙන් සවිස්තර වාර්තාව ශ්‍රී ලංකා මහබැංකුවේ මුදල් මණ්ඩලය සහ එහි අධිපතිවරයා විසින් මුදල් අමාත්‍ය අලි සබ්රි මහතාට අද භාරදී තිබේ. එම වාර්තාව පහතින් දැක්වේ.

මේ මාසයේ උද්ධමනය 30%ට ආසන්න වෙයි

ගෙවුණු මාර්තු මාසයේ මෙරට පැවති උද්ධමනය 18.7%හි සිට අප්‍රේල් මාසයේ දී 29.8%ක් දක්වා ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහබැංකුව පවසයි. මෙම වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය. ඒ අනුව, මාර්තු මාසයේ පැවති ආහාර උද්ධමනය 30.2%හි සිට අප්‍රේල් මාසයේ දී…

නාමල් විපක්‍ෂනායක ධූරයට ‘මාන බලයි’ !

මහින්ද රාජපක්ෂ මහතාව අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 60 දෙනෙකු සමග නාමල් රාජපක්ෂ මහතා විපක්ෂයට යෑමේ සැලැස්මක් ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් “ස්වාධීන කණ්ඩායම” නව ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කළහොත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අවම වශයෙන්…

දේශපාලකයින් සියලුදෙනා විගණනයකට ලක්කළයුතු බව ජනතාව කියයි!

සියලු දේශපාලනඥයන් විගණනයකට ලක්කළ යුතු බව ශ්‍රී ලාංකිකයින් 96.2%ක් තරයේ විශ්වාස කරන බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (Center for Policy Alternatives) මගින් සිදුකර ඇති සමීක්ෂණයකින් හෙළි වී තිබේ.එම වත්කම් තහවුරු කළ නොහැකිනම්, ඒවා රාජසන්තක කළ යුතු බව මේ ජනතාව විශ්වාස කරයි. මෙම සමීක්ෂණයට අනුව 87.3%ක් පවසන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉවත්විය යුතු බවත් 89.7%ක් පවසන්නේ අග්‍රමාත්‍ය…

ස්වාධීන වූ මන්ත්‍රී පිරිස හා ඉන්දීය තානාපති අතර විශේෂ සාකච්ජාවක් !

රටේ වත්මන් ආර්ථික සහ දේශපාලන තත්ත්වය පිළිබඳව ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ ඉන්දිය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා හමුවී තිබේ.ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පැවසුවේ, හ්‍රී ලංකාවට ඉන්දීය සහය අඛණ්ඩව ලබා දෙන බව මහ කොමසාරිස්වරයා මෙහිදී පැවසූ බවයි. අසීරු අවස්ථාවේදී ශ්‍රී ලංකාව සමග රැදී සිටීම පිලිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිස ඉන්දිය ජනතාවට…

අන්තර්වාර ආණ්ඩුවකට ජනපති එකඟවේ !

අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා කැමැත්ත පළ කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.ඔහු මේ අදහස් පළ කළේ , ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රිවරුන් සහ ජනාධිපතිවරයා අතර අද පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවක් පවත්වමින් ය. මේ අනුව නව අගමැතිවරයෙකු පත්කිරීමටද ජනපති එකඟවූ බව සිරිසේන මහතා පැවසීය .

රථ වාහන අමතර කොටස් මිල අහස උසට නගී !

රට පුරා වාහන අමතර කොටස්වල දැවැන්ත හිඟයක් ඇතැයි ප්‍රවාහන වෘත්තිය සමිති පවසනවා. ඊට හේතුවී ඇත්තේ රට තුළ ඇති ඩොලර් අර්බුදයයි. ඔවුන් පැවසුවේ වෙළඳපොලේ ඇති අමතර කොටස්වල මිල පවා සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි. පවතින තත්ත්වය මත තම කර්මාන්තය සිදුකරගෙන යාමට නොහැකි වෙමින් ඇතැයි වෘත්තීය ත්‍රී රෝද රථ සේවක සංගමයේ සභාපති දේවානන්ද සුරවීර මහතා මාධ්‍ය වෙත…