ශ්‍රී ලංකා – IMF ගනුදෙනුව ගැන චීනය විමසිල්ලෙන් !

මේ මොහොතේ ශ්‍රී ලංකාවට තිබෙන ඵකම හා හොදම විසදුම චීනයේ සහාය පැතීම නොවන බව මෙරට චීන තානාපති චී චෙන්හොංග් පවසයි . කෙසේ වෙතත් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අර්බුදයෙන් ගොඩ ඵ්ම සදහා චීනය ඕනෑම මොහොතක සහය ලබා දෙන බවයි කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේදි මාධ්‍ය ප්‍රධානින් සමග අද පැවති සාකච්ඡාවකදී පැවසුවේ. අන්තර්ජාතික වශයෙන් ශ්‍රී ලංකාවට…

වැටුණු ආර්ථිකය ගොඩගැනීමට නම් …

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමෙන් අපේ සියලු ප්‍රශ්න නොවිසඳෙයි. එහි ගිය පමණින් අපේ ආර්ථිකය දඩිබිඩියේ නොනැගිටියි. වැරදි ලෙස ආර්ථිකය කළමනාකරණය කිරීම හේතුවෙන් දැන් ලංකාව සිටින්නේ හුස්ම ගැනීමටවත් නොහැකි තත්ත්වයකය. දැන් රට තිබෙන්නේ තම ණය ගෙවා ගත නොහැකි තත්ත්වයකය. ඒ ණය ගෙවීම කල්දමාගෙන ප්‍රතිව්‍යුහගත කර ගැනීමට නම් ජාත්‍යන්තරයේ පිළිගත් ප්‍රතිරූපයක් තිබෙන පුද්ගලයකු හෝ ආයතනයක් සමග සම්බන්ධවීම අත්‍යවශ්‍යය.…

ආණ්ඩුව දෙදරයි ?

. ආණ්ඩුවට ඉල්ලා අස්වීමට තවත් සතියක කාලය ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සඳහන් කර සිටි. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය .  මෙහිදී මන්ත්‍රීවරයා සඳහන් කළේ ආණ්ඩුව ඉල්ලා අස්වෙන්නේ නැත්නම් ලබන සතියේදී සමගී ජනබල වේගය පක්ෂය විසින් ආණ්ඩුවට එරෙහිව සුදානම් කර ඇති දෝෂාභියෝගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.…

උද්ධමනය අතින් ලංකාව 3 වන තැනට – වහාම මුදල් මණ්ඩලයක් ඕනෑ

ශ්‍රී ලංකාව මුදල් මණ්ඩලයක් ස්ථාපනය කළ යුතු බව අමෙරික‍ාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් වන ස්ටීව් හැන්ක් පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ 1884 සිට 1950 දක්වා පැවති මුදල් මණ්ඩලය යළිත් මෙරට ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමට සහය වීම සඳහා වහාම අවශ්‍ය බවයි. ස්ටීව් හෑන්ක් විසින් රට රටවල වාර්ෂික උද්ධමනය වැඩිම රටවල් පිළිබඳ සකස්…

ශ්‍රී ලංකාවට එළවළු, පළතුරු අපනයන ආදායමත් අහිමි වෙයිද?

අපනයන ඉල්ලුමට සරිලන සැපයුම ලබාදීමට නොහැකි වීම සහ ආසියාවේ වෙනත් රටවල් කිහිපයක් තරගකාරීව වෙළෙඳපොල වෙත ඉදිරිපත්වීම නිසා ඉදිරියේ දී මෙරටට ඇති පළතුරු සහ එළවළු අපනයන ඉල්ලුම අහිමිවී යාමේ අවදානමක් මතුවෙමින් ඇතැයි අපනයනකරුවෝ අනතුරු අඟවති . දැනට රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ, අපනයනය සඳහා අවශ්‍ය පළතුරු සහ එළවළු වර්ගවල මිල අධිකවීම නිසා ඒවා සොයාගැනීම ගැටළුවක්…

කිරිපිටි පැකට්ටුව රුපියල් දහස පනින ලකුණු !

ආනයනික කිරිපිටි මිල මේ සතිය අවසන් වනවිට නැවතත් ඉහළ යනු ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි. කිරිපිටි සඳහා පැනවූ පාලන මිල රජය විසින් ඉවත් කරගෙන ඇති නිසා ආනයනකරුවන්ගේ අභිමතය අනුව මිල ඉහළ නැංවීමට හැකි බව පැවසූ එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා කොපමණ මුදලකින් කිරිපිටි මිල ඉහළ යනු ඇතිදැයි දැන්ම ප්‍රකාශ කළ නොහැකි බවත්…

ඉන්දියානු ණය සහනය යටතේ භාණ්ඩ ආනයනය ලබන සතියේ සිට ඇරඹේ!

ඉන්දියානු ණය පහසුකම යටතේ භාණ්ඩ ආනයනය ආරම්භ කිරීමත් සමග අත්‍යවශ්‍ය භාණ්ඩවල මිලෙහි සුළු අඩුවීමක් අපේක්ෂා කෙරෙන බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.එහි මාධ්‍ය ප්‍රකාශක, නිහාල් සෙනෙවිරත්න මහතා පැවසුවේ , ඉදිරි සති දෙක තුළ ඉන්දීය ණය පහසුකම යටතේ භාණ්ඩ ආනයනය ආරම්භ කිරීමට හැකිවනු ඇති බවය. ඩොලරයේ අගය ඉහළ යාම සමග අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ…